– නවීන තාක්ෂණය හා නව දැනුම යොදා ගනිමින් කෘෂිකාර්මික ක්ෂේත්රය නවීකරණයට හා දැවැන්ත පරිවර්තනයකට ලක් කළ ලෝකයේ අනෙකුත් රටවල්වල ආදර්ශයන් පාදක කර ගනිමින් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්රය නවීකරණයට ලක් කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇත. ඒ අනුව, 2024 වර්ෂය සඳහා වන අයවැය මඟින් කෘෂිකර්ම හා ධීවර නවීකරණ මණ්ඩල ශක්තිමත් කිරීම සඳහා වෙන් කරනු ලැබ ඇති රුපියල් බිලියන 2.5ක මුදල යොදා ගනිමින් කෘෂිකර්ම නවීකරණ කේන්ද්‍රස්ථාන (Agriculture Modernization Hub) ස්ථාපිත කර කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන සැලසුම්වලට අනුව දිවයින පුරා කෘෂිකර්ම නවීකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. මෙම වැඩසටහනේ පළමු අදියරේදී දිස්ත්‍රික්ක 25 තුළ තෝරා ගනු ලබන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 26ක නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටත්, දෙවන අදියරේදී සෑම දිස්ත්‍රික්කයකින්ම තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 03 බැගින් ආවරණය වන පරිදි දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 75ක් තුළ කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටත් අපේක්ෂිතය. ඒ අනුව, පළමු අදියරේදී නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා තෝරාගනු ලබන එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කෘෂිකර්ම නවීකරණ කේන්ද්‍රස්ථාන සඳහා රුපියල් මිලියන 25 බැගින් රුපියල් මිලියන 650ක් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය යන ආයතන වෙත රුපියල් මිලියන 35 බැගින් රුපියල් මිලියන 175ක් වෙන් කරමින් කෘෂිකර්ම නවීකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරිම පිණිස ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.